26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න

මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න

මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පැවසීය.

අද (08) ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැයශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අද රටේ මාධ්‍යවේදීන් බොහෝ දුෂ්කර ආර්ථික තත්ත්වයක සිටින බවත් රූපවාහිනීවල මෙන්ම පත්තර කාර්යාලවල ලැබෙන දීමනාද ඔවුන්ට ප්‍රමාණවත් නොවන බවත්ය.

එමෙන්ම සමාජයට බොහෝ පණිවිඩ රැගෙන යන මාධ්‍ය ආයතන වැසී ගියහොත් තොරතුරු ගලායාමේ අන්ධකාරයක් ඇතිවෙන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බවයි.