26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 07ක් ගොඩගැසෙයි

වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 07ක් ගොඩගැසෙයි

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා ලිපි සහ පාර්සල් ලක්ෂ 07ක් පමණ තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බව වාර්තා වනවා.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පසුගියදා (10) පස්වරුවේ ආරම්භ කළ වර්ජනය අද පස්වරු 04:00ට අවසන් වීමට නියමිතය.

ඒ අනුව මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 04 ක් ගොඩගැසී ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.