26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදියට නංවා නොගත්තැයි පොලිස් නිලධාරියාට පහර දීලා

යතුරුපැදියට නංවා නොගත්තැයි පොලිස් නිලධාරියාට පහර දීලා

යතුරුපැදියක නංවාගෙන යාම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියෙකුට පොල්ලකින් පහරදුන් බව කියන පුද්ගලයෙක් පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ ආඩිගම, පෙරියමඩුව ප්‍රදෙශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රස්නායක පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙක් සේවය අවසන් කර ඔහු පදිංචි කොත්තන්තිව්, කරවාමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසට යතුරුපැදියෙන් ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ආඩිගම, පෙරියමඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු යතුරුපැදිය නවත්වා තමන්වත් රැගෙන යන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරියා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර පහරදීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (12) හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පල්ලම පොලීසිය පැවසුවා.