30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිමල් වීරවංශට නොතීසි

විමල් වීරවංශට නොතීසි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම හෙට (13) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නොතීසි යවා තිබෙනවා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයා රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි තමාට දැනුම්දුන් බවයි.

එම කරුණු තහවුරු කිරීම සඳහා විමල් වීරවංශ මහතාගේ ඇපකරුවන් හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමුකළ විනිසුරුවරයා, එකී නොතීසි නිකුත් කර ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් හෙට දිනයේ අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.