සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල අධික තදබදයට පිළියමක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම වෙනුවට නියමිත කාලය තුළ නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීමට නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබුණා.
එම කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමට නීති ප්‍රතිපාදන හඳුන්වාදීමට අදාළව නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


