තැපැල් සේවය සඳහා විකල්ප ක්‍රමවේදයක් භාවිත කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය තමන්ට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඒ අනුව විශ්‍රාම වැටුප්, ආබාධිත දීමනා ඇතුළු දීමනා නිවසටම ලබා ගැනීමට හැකි ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
තවද දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන්ද නව ක්‍රමවේදයක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.


