22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත් එජාපයට එකතු නොවීම විශාල සහනයක් - පාලිත

සජිත් එජාපයට එකතු නොවීම විශාල සහනයක් – පාලිත

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා සමඟ එකතු නොවන කතාව අසා තමා ඉතා සතුටට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියේ සජිත් නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ නැතැයි කීම එක්සත් ජාතික පක්ෂයටද විශාල සහනයක් බවත් සජිත් නැතිවීම යනු එජාපයේ හූනියම අවසන් වීම බවත්ය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සමඟ සබඳතා පවත්වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සජිත්ගේ නොපැමිණීම බාධාවක් නොවනු ඇති බවයි එජාප මහලේකම්වරයා සඳහන් කළේ.