― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබාලවයස්කාර දැරියක් දූෂණය කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් දූෂණය කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 14 යි මාස 06 ක් වන පාසල් සිසුවියක්ව මව්පිය භාරකාරිත්වයෙන් පැහැර ගෙන ගොස් අපහරණය කළ බව කියන හමුදා සාමාජිකයෙකු ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට ගැමුණු හේවා බල ඇණියට අනියුක්තව සේවය කරන 18 හැවිරිදි අයෙකු බවයි.

නවගත්තේගම, වෙලේවැව පදිංචිකරුවෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අපහරණයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු අද (19) ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.