නිරිතදිග අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Grindavik ධීවර නගරයෙන් පුද්ගලයින් 4,000ක් පමණ ඉවත් කර ඇති බවයි.
මෙම පිපිරීම එරට දේශීය වේලාවෙන් 22:17ට නගරයට උතුරින් ආරම්භ වූ බවයි අයිස්ලන්ත කාලගුණ කාර්යාලය පවසන්නේ.
Reykjavik අගනුවර අවට කලාපය ඔක්තෝබර් අග සිට භූමිකම්පා ක්‍රියාකාරකම්වල වැඩි වීමක් අත්විඳිමින් සිටින අතර එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දී ඇත්තේ.
ලාවා තත්පරයට ඝන මීටර් 100 ත් 200 ත් අතර ප්‍රමාණයකින් ගලා යන අතර ගිනිකන්දේ ඉරිතැලීමේ දිග කිලෝමීටර 3.5 ක් පමණ වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.