23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 අභියෝගාත්මක දුෂ්කර ගමනක් - ජනපති

2024 අභියෝගාත්මක දුෂ්කර ගමනක් – ජනපති

පුද්ගලික අපේක්ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය බව ජනාධිපතිවරයා පවසනවා.

2024 නව වසරට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

පසුගිය වසර පුරා සිදුකළ කැපවීම් සහ දුෂ්කරතා හේතුවෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මූලික පදනම සාර්ථක කර ගැනීමට හැකි වූ බවත්, ආර්ථිකය ස්ථාවර කරගැනීම උදෙසා මෙම මාර්ගයේම තවත් ඉදිරියට යා යුතුව ඇති බවත් ජනාධිපතිවරයා එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

එය මල් ඇතිරූ සුමුදු මඟක් නොව අභියෝගාත්මක දුෂ්කර ගමනක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ සුබ පැතුම් පණිවුඩය පහතින්,