― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුක්‍රේන - රුසියා සාකච්ඡාවල තුන්වන වටය අද

යුක්‍රේන – රුසියා සාකච්ඡාවල තුන්වන වටය අද

සති දෙකකට ආසන්න යුදමය වතාවරණයකින් අනතුරුව යුක්‍රේනය සහ රුසියාව තුන්වන වටයේ සාකච්ඡා පැවැත්වීමට සුදානම් වේ.

තුන්වන වටයේ සාකච්ඡා අද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සාකච්ඡා පැවැත්වෙන ස්ථානයක් හෝ වේලාවක් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැත.

මේ අතර, යුක්‍රේනයේ කියෙව් අගනුවර යටත් නොවන්නේ නම්, යුක්‍රේනය ආක්‍රමණය කිරීම ඉදිරියට ගෙන යන බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතිඥා දී තිබේ.

යුක්‍රේනය පවසන්නේ රුසියාව, සිය රටේ මධ්‍යම, උතුර සහ දකුණු ප්‍රදේශයේ නගර වෙත ෂෙල් ප්‍රහාර එල්ල කරමින් ඇති බවයි.

යුක්‍රේන ජනාධිපති උපදේශකවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ, රාත්‍රීය උදාවීමත් සමග නව මිසයිල ප්‍රහාර එල්ල වෙමින් ඇති බවයි.

දැඩි ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් වූ ප්‍රදේශ අතරට කියෙව්, උතුරේ චර්නිහිව්, දකුණේ මයිකොලයිව් සහ රටේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් ඇතුළත් වන බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම ෂෙල් ප්‍රහාර හමුවේ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු ආසාර්ථක වු බව ද යුක්‍රේන ජනාධිපති උපදේශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ප්‍රමාණවත් නොවන බව යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි බටහිර රටවලින් ඉල්ලා සිටින්නේ, රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක තවදුරටත් ශක්තිමත් කරන ලෙසයි.

යුක්‍රේනයේ හමුදා කාර්මික සංකීර්ණයට පහර දෙන බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කළ විඩියෝවක් මගින් කළ නිවේදනයට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ද, යුක්‍රේන ජනාධිපතිවරයා බටහිර නායකයින් විචේනය කළේ ය.

යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ, එවැනි අපරාධවලට අණ දෙන සහ ක්‍රියාත්මක කරන්නන් යුක්තිය ඉදිරියට ගෙන ඒම සඳහා අධිකරණයක් ස්ථාපනය කරන ලෙසයි.