අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ දමා තිබෙනවා.
ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් රෝහණ පැවසුවේ ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80 ක ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමන බවයි.
කෙසේ වෙතත් පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් සියයයේ ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති.


