2024 නව වර්ෂය උදාවත් සමඟ මෙලොව එළිය දුටු බිළිඳෙකු බිළිබඳ පුවතක් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරනවා.
මෙම බිළිඳා 2024 නව වර්ෂය උදාවනවාත් සමඟ උපත ලබා ඇත්තේ පිලිපීනයේ රෝහලකයි.
පිලිපීනයේ මැනිලා නුවර ෆැබෙල්ලා අනුස්මරණ රෝහලේදී මෙම බිළිඳා උපත ලබා තිබෙනවා. ජයිඩන් රයිලි ලෙස මෙම බිළිඳාට නම තබා ඇති අතර බිළිඳා සහ මව සුවෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
23 හැවිරිදි වියේ පසුවන රෝනා ලින් කන්සෙප්ෂන් නැමැති මවක් මෙම බිළිඳා බිහිකර තිබෙනවා.





