‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ (2023.12.31 දින පැය 00.30 සිට 2024.01.01 වන දින පැය 00.30 දක්වා) රට පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1229ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ එහිදී සැකකරුවන් 86ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 40 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 100 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර හෙරොයින් ග්‍රෑම් 400ක්, අයිස් ග්‍රෑම් 260ක්, ගංජා කිලෝ 15යි ග්‍රෑම් 300ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.


