26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැති ඇමතිවරු රැසක් කතරගම වැඳපුදා ගනියි

මැති ඇමතිවරු රැසක් කතරගම වැඳපුදා ගනියි

ඊයේ (31) ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම තුළ ආගමික වතාවත් සිදු කිරීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සහභාගී වී සිටියා.

හිටපු අගමැතිණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් හිටපු අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව් .ආර්. ඩී. බණ්ඩාරනායකට පිං අනුමෝදම් කිරීමට ආරම්භ කරන ලද (61) වැනි පිරිත් පිංකම දේවාල භූමියේ ඇති පිරිත් මණ්ඩපයේදී සිදු කර තිබේ.

2024 රාත්‍රි කතරගම මහා දේවාලය වෙත ප්‍රථම පළතුරු පූජාව මහින්ද රාජක්ෂ ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සහභාගී විය. ආගමික වතාවත් රැහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති ශ්‍රස්ත්‍රපති කපු ගම සරණතිස්ස හිමි, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය සනත් නිශාන්ත, ඒ. පී. ජගත් පුෂ්පකුමාර, දුමින්ද දිසානායක ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක් වී සිටියහ.