26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයට පළමු සුනාමි රළ ඇතුළු වෙයි

ජපානයට පළමු සුනාමි රළ ඇතුළු වෙයි

ජපානයට පළමු සුනාමි රළ කඩා වැදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ ටොයාමා නගරයට එම සුනාමි රළ ඇතුළු වී ඇති අතර එහි උස මීටර 1.2ක් බවයි.

අද (01) දිනයේදී ජපානයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයක භූ කම්පනයෙන් පසු එරට කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ඉෂිකාවා,නීගටා සහ ටොයාමා ප්‍රාන්තවල වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ඉෂිකාවා ප්‍රාන්තයට මීටර් 5ක් දක්වා උස මුහුදු රළක් කඩා වදිනු ඇති බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ.

මේ වනවිට එම ප්‍රදේශයේ නිවාස 32,500කට විදුලි බලයද ඇණහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.