― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙක්සිකෝවේ පාපන්දු තරගයක් අතර ගැටුමකින් 17ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ පාපන්දු තරගයක් අතර ගැටුමකින් 17ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ ගැටුමකින්  ප්‍රේක්ෂකයින් 17 දෙනෙකුට දිවි අහිමිවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගැටුම හේතුවෙන් තවත් 26 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවය.

මෙම ගැටුම ඇතිවී ඇත්තේ මෙක්සිකෝවේ ප්‍රමුඛ පෙළේ අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලියක් අතරතුරදීය.

Queretaro සහ Atlas යන ක්‍රීඩා සමාජ අතර තරගය පැවැත්වෙමින් තිබියදී තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් අතර මෙම ගටුව ඇතිවී ඇත.

තරගයේ 63 වන මිනිත්තුවේදී මෙම ගැටුම හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

ගැටුම හේතුවෙන් තරගය අතරමැද නවතා දැමීමට බලධාරීන් තීරණය කරනු ලැබීය.

මේ අතර මෙම තරගාවලියේ ඉදිරි තරග ද තාවකාලිකව අත්හිටුවීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

තරගය අතරතුර ඇතිවූ මෙම ගැටුමේදී ඇතැම් පුද්ගලයින්ට විශාල පිරිසක් එක්වී අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස වාර්තාකර තිබුණි.