― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාදිනල් හිමියන්ගෙන් මානව හිමිකම් කොමිසමට විශේෂ ප්‍රකාශයක්

කාදිනල් හිමියන්ගෙන් මානව හිමිකම් කොමිසමට විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා සහය දෙන ලෙස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී 49 වන සැසිවාරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය සොයාගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසටය.