― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාවට කඩුළු 03ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුළු 03ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 03කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

ලකුණු 144ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා එම ඉලක්කය ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවේ දී පසුකර ගියා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 46ක්. ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් සඳහා එක්වුණේ වසර 03කට පසුව වීම විශේෂත්වයක්.

ඔහුට අනෙගි සහායක් ලබාදුන් දසුන් ශානක නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 26ක්.

අවසන් පන්දු දෙක තුළ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 06ක ඉලක්කයක් හිමි වූ අතර එම ලකුණු 06 ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්කරන්නට මැතිව්ස්ගේ දැවීයාමෙන් පසු පිටියට පැමිණි දුෂ්මන්ත චමීරට හැකියාව ලැබුණා.