28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක අතර හමුවක්

නව ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජූලී ජේ. චන්ග් මහත්මිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් ඊයේ (07) සිදුවිය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී එම හමුව පැවති අතර එහිදී දෙරට අතර කාලාන්තරයක් තිස්සේ පවත්නා සුහදශීලී ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම ශක්තිමත් මිත්‍රශීලී සබඳතාවය වඩ වඩාත් ශක්තිමත් වීමේ වටිනාකමද අවධාරණය කළේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමඟ පවතින ආර්ථික සමාජීය සංස්කෘතික සබඳතා පිළිබඳව සිය අවධානය යොමු කළ තානාපතිනිය එය වඩ වඩාත් ශක්තිමත් වනු දැකීම සිය අපේක්ෂාව බවද පැවසීය.