― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසතොසෙන් වැට් බදු නොමැතිව භාණ්ඩ

සතොසෙන් වැට් බදු නොමැතිව භාණ්ඩ

18% ක වැට් බදු වැඩිවීමක් සිදු වුවද එම වැඩි වීම නොමැතිව ග්‍රොසරි භාණ්ඩ විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දරුවන්ට අවශ්‍ය සබන්, කොලෝන්, පවුඩර්, බිස්කට් වර්ග මෙන්ම ග්‍රොසරි භාණ්ඩ රැසක් මෙලෙස වැට් බදු නොමැතිව ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබාදී ඇති බවයි සතොස ආයතනය පවසන්නේ.

මීට අමතරව ලංකා සතොස වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ම වෙළෙඳපොළ පවතින මිලට වඩා ඉතා අඩුවෙන් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.