― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඑක්සත් ජනපද හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්

එක්සත් ජනපද හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ජෝර්දානයේ සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද හමුදා කඳවුරකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් තිදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රැඩිකල් ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ.

මෙම ප්‍රහාරයට පිළිතුරු ලබාදීමට ද කටයුතු කරන බවයි බයිඩන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ජෝර්දානය පවසන්නේ මෙම ප්‍රහාරය එල්ල වූයේ ජෝර්දානය තුළ නොව සිරියාවේ සිට බවයි.

මෙම කලාපයේ එක්සත් ජනපද හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල වී ඇති නමුත් මේ දක්වා එක්සත් ජනපද හමුදාව විසින් ඒවයෙන් සිදු වූ කිසිදු හානියක් වාර්තා කර නැහැ.

මෙම නවතම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තවමත් තහවුරු කරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සෙබළුන්ගේ නම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔවුන්ගේ පවුල්වලට මේ සම්බන්ධයෙන් දැනුම්දීමට නිලධාරීන් කටයුතු කරන බව සඳහන්.