2019 වසරට සාපේක්ෂව 2023 වර්ෂය වනවිට නාගරික සමාජය තුළ යාචකයින් බිහිවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ආර්ථික හා සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
ආර්ථික අර්බුදයත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
යාචකයින් පිළිබඳ නිසි සංගණනයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් විධිමත් වැඩපිළිවෙළක් හරහා ජාතික ආර්ථිකයට එක්කර ගැනීම පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.