― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවව්නියාව බන්ධනාගාරයෙන් සැකකරුවෙක් පළායයි

වව්නියාව බන්ධනාගාරයෙන් සැකකරුවෙක් පළායයි

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි සැකකරුවෙකු ඊයේ අලුයම පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත නෙළුන්කුලම පොලිසිය විසින් පසුගිය 26 වැනිදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

28 හැවිරිදි සැකකරු වවුනියාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වවුනියාව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පසුගිය 29 වැනිදා ඔහු බන්ධනාගාරය තුළදී අසනීප වීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් භාරයේ වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු පෙරේදා (31) පෙරවරු 6.00ට වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලෙන් පැන ගොස් තිබුණා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට වවුනියාව පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් විමර්ශන අරඹා තිබෙනවා.