රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසන් කළා.
එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් අනතුරුව නිවේදනය කළේ.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 31ක් ගොනුකර තිබූ අතර ඒවා පුරා දින 06ක් තිස්සේ විභාගයට ගැනුණා.


