― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවිදුලි සැර වැදීමෙන් දළ ඇතෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් දළ ඇතෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් රඹෑව ප්‍රදේශයේ දළ ඇතෙකු මියගොස් තිබෙනවා.

අනුරාධපුර වනසත්ව අඩවි කාර්යාලයට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ඇතාගේ මළ සිරුර හමු වී තිබෙනවා.

රඹෑව, අළුත්ගම ප්‍රදේශයේ බඩඉරිගු හේනක වැටී සිටියදී ඇතාගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වූ බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

මින් දිනකට පමණ ඉහතදී මෙම දළ ඇතා මිය යන්නට ඇතැයි අනුමාන කරන අතර මෙලෙස මිය ගොස් ඇති දළ ඇතා වයස අවුරුදු 35-40ක් පමණ වන හොදින් වැඩුනු දළ යුගලක් ද හිමි ඇතෙකි.

මෙම ඇතාගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සදහා වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පවත්වා තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ විදුලි සැර වැදීම හේතුවෙන් ඇතා මිය ගොස් ඇති බවයි.

මිය ගිය දළ ඇතාගේ ශරීරයේ ස්ථාන කිහිපයක තිබී විදුලි සැර වැදුනු බවට වන සාක්ෂි සලකුණු කිහිපයක්ද හඳුනාගෙන තිබෙනවා.