30 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකුව IMF යාමට සූදානමක් නැහැ

මහ බැංකුව IMF යාමට සූදානමක් නැහැ

මහ බැංකුව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

අද (09) පෙරවරුවේ මහ බැංකු අධිපති හා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ඒ සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න එක්ව තිබේ.

මෙම සාකච්ඡාවේදී ආනයන සඳහා ගෙවීම් කිරීම, විදේශ ණය, විනිමය අනුපාත, උද්ධමනය, මූල්‍ය යාන්ත්‍රණයේ ස්ථායිතාවය වැනි කරුණු පිළිබඳව අවධානය යොමුකළ බව හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය කෙටි කාලීන ද්‍රවශීලතාවය පිළිබඳ ගැටලුවක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව සිතන බව ඔහු වැඩිදුරටත් පැවසීය.