― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකුඩාවැල්ලේ එක්දරු පියෙක් ඝාතනය කෙරේ

කුඩාවැල්ලේ එක්දරු පියෙක් ඝාතනය කෙරේ

තංගල්ල, කුඩාවැල්ල මධ්‍යම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

අද (06) උදෑසන 6.30ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර මෘත ශරීරය නාකුළුගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.