― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරැඳවියන්ගේ ගුටි කෙළියකින් අයෙක් ජීවිතක්ෂයට

රැඳවියන්ගේ ගුටි කෙළියකින් අයෙක් ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) උදෑසන 07ට පමණ මෙම ගැටුම හටගෙන ඇති අතර
එහිදී තුවාල ලැබූ ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචි උවයිස් මොහොමදු උබෙයි නැමැති රැඳවියා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රැඳවියාගේ තත්ත්වය බරපතල බැවින් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.