― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෛත්‍රීට එරෙහිව අභියාචනාධිකරණයට නඩු 109ක්

මෛත්‍රීට එරෙහිව අභියාචනාධිකරණයට නඩු 109ක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (09) අවසර ලබා දුන්නේය.

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරින ලෙස ඉල්ලා ඔහු එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් විනිසුරු මඬුල්ල මෙම අභියාචනා විවාදය ජූලි මස 15 වැනිදා පවත්වන බවට නියෝග කළේය. පෙත්සම ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අධිකරණය හමුවේ කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන මෙන් එම සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීන් හා තුවාල ලැබුවන් විසින් තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු එකසිය නවයක් ගොනු කර ඇති බවයි.

එම නඩු පවත්වාගෙන යෑමට නොහැකි බවත් එම චෝදනාවලින් තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලමින් තම නීතිඥවරු කොළඹ දිසා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකළද එම මූලික විරෝධතා පසුගිය ජනවාරි 07 වැනිදා දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

දිසා අධිකරණය දුන් එම තීරණය නීතියට පටහැනි බව හිටපු ජනාධිපතිවරයා පැවසූ බැවින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අදාළ නඩුවලින් මුදාහරින ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම අභියාචනා පෙත්සම සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.