― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපොදු ප්‍රවාහනයේදී කාන්තාවන් රකින්න විශේෂ මෙහෙයුමක්

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් රකින්න විශේෂ මෙහෙයුමක්

අද සිට පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට අතවර හා ලිංගික අඩත්තේට්ටම් සිදුකරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් අරඹා තිබෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර පැවසුවේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් නීතියේ රැහනට හසු කර ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම ආරම්භ කළ බවය්.

ඕනෑම කාන්තාවකට තමාට පොදු ප්‍රවාහනයේදී සිදුවන හිංසන සම්බන්ධයෙන් 109 ක්ෂණික දුරකථන අංකයට දැනුම්දීමේ හැකියාව පවතින බවයි ඇය අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ.

මෙම විශේෂ මෙහෙයුමට සමගාමීව රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරීනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 234ක් අනියුක්ත කර ඇති බවයි ඇය සඳහන් කළේ.