31 C
Colombo
Friday, April 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසබරගමුව සරසවි සිසුන් 14 දක්වා රිමාන්ඩ්

සබරගමුව සරසවි සිසුන් 14 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 07 දෙනා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොවුන් 07 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ.

තමන් පිටතින් ආහාර රැගෙනවිත් කෘෂි විද්‍යා පීඨයේ ආපනශාලාවේ රාත්‍රි ආහාර ලබා ගනිමින් සිටියදී ජේෂ්ඨ සිසුන් පිරිසක් පැමිණ විදුලිය විසන්ධි කර තමන්ට පොලු මුගුරුවලින් පහර දුන් බවයි පහරකෑමට ලක් වූ සිසුන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

මෙම පහරදීම හේතුවෙන්එක් සිසුවෙකුගේ මුඛයට හා දත්වලට හානි සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ අනෙක් දෙදෙනා බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.