― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමැඩගස්කරයේ සලෙලුන්ට ඇඟ හිරිවැටෙන දඬුවමක්

මැඩගස්කරයේ සලෙලුන්ට ඇඟ හිරිවැටෙන දඬුවමක්

නැගෙනහිර අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන මැඩගස්කරයේ ළමා අපයෝජන ඉහළ යමින් පවතී.

පසුගිය වසරේදී මැඩගස්කරයේ ළමා ලිංගික අපයෝජන සිද්ධීන් 600 ක් වාර්තා වී ඇති අතර පසුගිය ජනවාරි මාසයේදී පමණක් ලිංගික අපයෝජන සිද්ධීන් 133 ක් වාර්තා වී තිබෙනවා.

ළමුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මැඩගස්කර රජය අපරාධ වැළැක්වීමට සහ අපරාධකරුවන්ට දඩුවම් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මැඩගස්කර් රජය ළමයින්ට එරෙහි ලිංගික හිංසන සිදුකරන අපරාධකරුවන් වඳභාවයට පත් කිරීමට හෝ ඔවුන්ගේ ලිංගේන්ද්‍රය කපා ඉවත් කිරීම යන නීති පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

මෙම නව නීති අනුව කිසියම් පුද්ගලයෙක් වයස අවුරුදු 13ට අඩු ළමයෙක් දූෂනය කිරීමේ චෝදනාවකට වරදකරු වුවහොත් ඔහුව වඳ භාවයට පත් කිරීමට නීතිමය අවසරය මෙමඟින් හිමිව තිබෙනවා.

එමෙන්ම වයස අවුරුදු 13ට වැඩි ළමයෙක් දූෂනය කිරීමේ චෝදනාවකට වරදකරුවෙකු වන පුද්ගලයෙකුට වඳ භාවයට පත් කිරීම හෝ එම වරදකරුගේ ලිංගේන්ද්‍රය ඉවත් කිරීම යන දඬුවමට පත්කළ හැකි වනවා.

සම්මත වූ මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමට සඳහා එරට ජනපති ඇන්ඩ්රි රාජෝලිනා විසින් ඊට අත්සන් තැබිය යුතුයි.

මෙම නීතිය සම්බන්ධයෙන් වන යෝජනාව පසුගිය දෙසැම්බර් මාසයේ දී මැඩගස්කර් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම නව නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම්වල විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.