― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ

මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ

මැතිවරණ පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කුරුණැගල වැවිලි සමාගමට අයත් ඌරාපොල නව අලෙවි මධ්‍යස්ථානය ඊයේ (13) සවස විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව මැතිවරණ කල් දැමීමක් හෝ වංගු ගැසීමක් සිදු නොවන බවත් 2025 පැවැත්වෙන මැතිවරණය සඳහාද නියමිත පරිදි මුදල් වෙන් කිරීමට ඉදිරි අයවැයෙවන් කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

රටේ ජනතාවද පැහැදිලි තීන්දුවක් ගැනීමට සූදානම්ව තිබෙන මේ මොහොතේ මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.