32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipමල්ලිකා රාජ්පුත්ගේ දේහය නිවසින් හමුවෙයි

මල්ලිකා රාජ්පුත්ගේ දේහය නිවසින් හමුවෙයි

ගායිකාවක් සහ නිළියක් ලෙස ජනප්‍රිය මල්ලිකා රාජ්පුත් (Mallika Rajput) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (13) සිය නිවස තුළ සැක කටයුතු ලෙස මියගොස් සිටියදී ඇයගේ දේහය සොයාගත් බවයි.

35 හැවිරිදි ඇගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස වාර්තා වන අතර දේහය සුල්තාන්පූර් හි සිටකුන්ඩ් ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිවිලිමේ විදුලි පංකාවක එල්ලී තිබියදී සොයාගෙන තිබෙනවා.

කෙසේනමුත් මල්ලිකාගේ හදිසි මරණය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න දැනට නිෂ්චිතව කිව නොහැකි බවයි ඉන්දීය පොලීසිය පවසන්නේ.

කෙසේ නමුත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු මරණයට නිශ්චිත හේතුව දැනගත හැකි වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ.