26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF ණය ගැන අහන්න බැසිල් වොෂින්ටනයට

IMF ණය ගැන අහන්න බැසිල් වොෂින්ටනයට

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම ඇතුළුව රටට උපකාර කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, ලබන මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

දැනට පවතින සාකච්ඡා පිළිබඳ මූලාශ්‍ර 3ක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ, ශ්‍රී ලංකාවේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ නිලධාරීන්ට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අප්‍රේල් මැද භාගයේදී වොෂින්ටනය වෙත යනු ඇති බවය.