24.5 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ දුර ගමන් බස් රථ සේවාව නවතියි

යාපනයේ දුර ගමන් බස් රථ සේවාව නවතියි

යාපනයේ දුර ගමන් බස් රථ සේවා සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා.

උතුරු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ නිසි බස් නැවතුම්පොළක් නොමැති වීම හේතුවෙන් පෞද්ගලික ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මක නොකිරීමට පියවර ගන්නා බවයි.

කෙසේනමුත් යාපනයේ පෞද්ගලික බස් රථ සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් යාපනයේ සිට වෙනත් දිස්ත්‍රික්කවලට ධාවනය වන බස් රථ මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවලින් යාපනය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ ද සිය සේවා සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.