― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල් තනියෙන් එනවා නම් හොඳයි - ප්‍රසන්න

රනිල් තනියෙන් එනවා නම් හොඳයි – ප්‍රසන්න

රනිල් ස්වාධීනව අපේක්ෂයෙක් විදියට එන්නේ නම් වඩා හොඳ බවත් එවිට බය නැතිව වැඩ කිරීමට හැකි බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඡන්දයක් නැතුව දැනට දිනල ඉන්නේ ෆේස්බුක් ජනාධිපති හා කයිවාරු ජනාධිපතියි විතරක් බවත් එනමුත් ඡන්දයෙන් දිනා ජනාධිපති වන්නේ රනිල් වික්‍රමසිංහ පමණක් බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බවත් ඔහු විදෙස්ගත වී ඇත්තේ කාර්යබහුල කාලයක් ගත කළ නිසා බවත්ය.

බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට ආ විට පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.