27.2 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන රැගත් තවත් නෞකාවක් අද දිවයිනට

ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද දිවයිනට

ඩීසල් සහ පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් අද (13) මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,000 ක් අන්තර්ගත වේ.

මේ වනවිට වරායේ ඇති ඩීසල් මෙට්ට්‍රික් ටොන් 38,300ක් සහිත නෞකාවේ ඉන්ධන ගොඩබෑම අද (13) සිදුකරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය පවසයි.ඒ සඳහා වන අ‌මරිකානු ඩොලර් මිලියන 52 ක මුදල මේ වනවිට ගෙවා තිබේ. නෞකාවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඊයේ දිනයේ ‌තෙල් ගොඩබෑම සිදුකිරීමට නොහැකි වී තිබේ.

ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම ඉන්ධන තොගය ලබා ගැනීමට අමතර ඩොලර් මිලියන 16ක මුදලක් ගෙවීමට සිදු විය.

රට තුළ සුපිරි ඩීසල් හිඟය සම්බන්ධයෙන්ද පැහැදිලි කරමින් ඇය සඳහන් කළේ, මෙරටට රැගෙනවිත් ඇති මෙට්‍රික් ටොන් 7,000 ක සුපිරි ඩීසල් නෞකාවේ ඉන්ධන තවමත් ගොඩබෑම සිදුකරමින් පැවතීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි.