27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentමාරක රිය අනතුරක් - තිදෙනෙක් ජීවිතක්ෂයට

මාරක රිය අනතුරක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

කොළඹ – කුරුණෑගල මාර්ගයේ බුළුගොල්ල හන්දිය අසළදී සිදු වූ මාරක රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (05) රාත්‍රියේ කුරුණෑගල සිට කොළඹ දෙසට ධාවනය වූ එළවළු පටවාගත් ලොරියක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත ශරීර කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

පොතුහැර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.