26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගම්පහට අයිස් බෙදූ අයෙක් අත්අඩංගුවට

ගම්පහට අයිස් බෙදූ අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නිට්ටඹුව ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් අනුව නිට්ටඹුව කොහටෝවිට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඉනේ සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉන් අනතුරුව කහටෝවිට ප්‍රදේශයේ ඔහුගේ නිවස ද පොලිසිය විසින් පරික්ෂාවට ලක් කර තිබෙනවා.

මොහු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ.

පොලිසි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු ගම්පහ ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය බෙදාහරින අයෙකු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නිට්ටඹුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.