මුලතිව් – මුල්ලියාවේලි පොලිස් ස්ථානයට අයත් පොලිස් ජීප් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.
ඊයේ (11) සවස මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පොලීසිය පැවසුවේ මාන්කුලම් සිට ඔඩ්ඩුසුඩාන් දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි.
මෙම අනතුරෙන් රියදුරු සුළු තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.