― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅද සිට ප්‍රදේශ රැසක උණුසුම ඩබල් වෙයි

අද සිට ප්‍රදේශ රැසක උණුසුම ඩබල් වෙයි

මේ දිනවල දිවයින පුරා අධික වියළි කාලගුණයක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ අද(18) සිට ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බවයි.

මොණරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා.

එමෙන්ම වයඹ, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර පළාත්වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසන්නේ.

ළදරුවන්ට, කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ රෝගී පුද්ගලයින්ට මෙම තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

අධික උණුසුම නිසා ඇති විය හැකි විජලන තත්ත්වයෙන් මිදීම සඳහා වැඩිපුර ජලය පානය කරන ලෙසත්, ගත වෙහෙසා වැඩ කටයුතුවල නියැලෙන පුද්ගලයින් හැකි තාක් සවස් කාලයේ එම කටයුතු කරගන්නා ලෙසත්, දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල නොයොදවන ලෙසත් වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.