ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ගාසා හි ගැටුම්වලින් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ආරම්භ කළ ‘ගාසා ළමා අරමුදල’ සඳහා මේ වන විට රුපියල් 5,773,512ක් ලැබී තිබේ.
මෙවර ඉෆ්තාර් සැමරුම් උත්සවය වෙනුවෙන් වෙන් කර ඇති මුදල් අරමුදලට දායක කරන ලෙස රජය සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.
එමෙන්ම මේ සඳහා ජනතා දායකත්වය අපේක්ෂා කරන අතර රාමසාන් මාසය තුළ ගාසා හි ළමා අරමුදලට දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් සිටී නම් එම පරිත්‍යාග ලංකා බැංකුවේ Taproban ශාඛාවේ 7040016 ගිණුම් අංකයේ තැන්පත් කළ යුතුය.
අප්‍රේල් 11 වැනිදාට ප්‍රථම වට්ස්ඇප් හරහා රිසිට්පත 077-9730396 ට එවන ලෙස ජනාධිපති කාර්යාලය දන්වා ඇත.