― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදෙස් රැකියා පෙන්වා කෝටි 254ක් වංචා කරලා

විදෙස් රැකියා පෙන්වා කෝටි 254ක් වංචා කරලා

2023 වසරේදී උතුරු පළාත තුළ විදෙස් රැකියා සඳහා යවන බව පවසමින් රුපියල් කෝටි 254ක මුදලක් වංචා කර ඇති බව පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි 139ක් ලැබී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ සහ කන්කසන්තුරේ ප්‍රදේශයේ රුපියල් කෝටි 51ක මුදලක් වංචා කර තිබෙනවා. ලැබුණු පැමිණිලි 44ක් මත සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම පොලිස් වසම තුළ රුපියල් කෝටි 46ක වංචාවක් සිදු කර ඇති අතර ලැබුණු පැමිණිලි 17ක් මත සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව පොලිස් වසම තුළ රුපියල් කෝටි 116ක වංචාවක් සිදුව ඇති අතර ලැබුණු පැමිණිලි 53ක් මත සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් පොලිස් වසම තුළ රුපියල් කෝටි 33ක වංචාවක් සිදු කර ඇති අතර පැමිණිලි 20කට අනුව සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය පොලිස් වසම තුළ කෝටි 05ක වංචාවක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 5ක් මත සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පිටරට යවන බව පවසමින් වංචනික ක්‍රියාවල නිරත වන පුද්ගලයන් පිළිබඳව ජනතාව දැනුවත් වූ විට මෙවැනි වංචනික පුද්ගලයන්ගෙන් තම මුදල් ආරක්ෂා කර ගත හැකි බවයි පොලිසිය පැවසුවේ.