22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැතුම් ලොව හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට

පැතුම් ලොව හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට

පැතුම් නිශ්ශංක නවතම ICC එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 11 වන ස්ථානයේ සිට 08වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක එම ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානය දක්වා ස්ථාන 2 කින් ඉදිරියට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ජනිත් ලියනගේ ස්ථාන 118 ක් පසු කරමින් 87 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

කෙසේනමුත් එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ තවමත් පසුවන්නේ පාකිස්තාන ක්‍රීඩක බාබර් අසාම් වන අතර එම සටහනේ දෙවන තුන්වන සහ සිව්වන ස්ථාන පිළිවලින් ශුබ්මන් ගිල්, විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා හිමි කරගෙන තිබෙනවා.