― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි ඒකකයක් රුපියල් 12කින් ඉහළට

විදුලි ඒකකයක් රුපියල් 12කින් ඉහළට

විදුලි බිල කඩිනමින් වැඩි කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තීරණය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කරන ලෙස අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත. කෙසේ වෙතත් විදුලිබිල වැඩි කළ යුතු මිල ගණන් වාර්තාව මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරමින් පවතියි.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ රුපියල් 2.50ක් වන ඒකකයක් රුපියල් පහළොවක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බවයි. විදුලිබල මණ්ඩලය ඩීසල් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මුදල් මෙන්ම වෙනත් ගෙවීම් රුපියල් කෝටි 4000 ඉක්මවා ඇති බවද සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික පවසයි.

හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහාද කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුවමෙගාවොට් 200ක් මිලදී ගැනීමට නියමිතය.