― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsතායිලන්ත මගී යාත්‍රාවක් ගිනිගනී

තායිලන්ත මගී යාත්‍රාවක් ගිනිගනී

දකුණු තායිලන්තයේ වෙරළට ඔබ්බෙන් වූ සූරත් තානි ප්‍රදේශයේදී මගී යාත්‍රාවක් ගිනිගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යාත්‍රාව ගිනිගන්නා අවස්ථාවේදී එහි මගීන් 100ක් පමණ සිට ඇති බවයි.

මෙම යාත්‍රාව සූරත් තානි සිට ජනප්‍රිය සංචාරක දූපතක් වන කෝ තාඕ දක්වා ගමන් කරමින් සිටියදීයි ගින්න හටගෙන ඇත්තේ.

යත්‍රාවේ සිටි ඇතැම් මගීන් ගින්නෙන් බේරීම සඳහා මුහුදට පැන ඇති අතර එරට මාධ්‍ය වාර්තා කරන්නේ ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි.