රට තුළ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මාර්තු මාසයේදී ඉන්ධන අලෙවියේ කැපී පෙනෙන වෙනසක් සිදුවී ඇති අතර මෙරට ඉන්ධන අලෙවියට සම්බන්ධ සමාගම් පිළිබඳ මාසික වාර්තා ද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත්, ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය උපුටා දක්වමින් මෙරට ඉන්ධන මිල සියයට පනහකින් පහත වැටී ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබීමද විශේෂත්වයකි.