රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා තම රටට ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 383) කට වඩා වැඩි හානියක් සිදුවී ඇති බව යුක්රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂ්මිහාල් පවසයි.
යුද්ධයෙන් පසු යුක්රේනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන වැය රුසියාව ගෙවිය යුතු බවත් ඔහු අවධාරණය කරයි. විදේශයන්හි පවතින රුසියානු දේපළ අත්පත් කර ගැනීම හරහා මෙම වැය ලබා ගත හැකි බවත් ඔහු පැවැසීය.
යුක්රේනය මිත්‍ර රටවලින්ද මූල්‍ය ආධාර ලබා ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.